චන්ද්‍රයාන් 03 යානය සාර්ථකව සඳ මත ගොඩබැස්සවීමත් සමග ඉන්දියාව ලැබු ඉතිහාසගත ජයග්‍රහණයට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සුබපැතුම් එක්කර තිබෙනවා.

ඉන්දිය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා වෙත සුබ පැතුම් පණිවුඩයක් නිකුත් කරමින් ජනාධිපතිවරයා පැවසුවේ ඉන්දියාවේ මෙම ජයග්‍රහණයට අසල්වැසි රාජ්‍ය ලෙස ශ්‍රී ලංකාව ද ආඩම්බරයට පත්වන බවයි.

මෙය විද්‍යාත්මක හා තාක්ෂණික අංශයන් හී අඛණ්ඩ ප්‍රගතියක් අත්කර ගැනීම වෙනුවෙන් ඉදිරි පරම්පරාවන් දිරිමත් කරන්නක් බව ද ජනාධිපතිවරයා අවධාරණය කර තිබෙනවා.

WhatsApp Group

Skip to content