විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ගිවිසුම ක්‍රියාත්මක කිරීම පිළිබද අද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවට විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිතව තිබෙනවා.

පාර්ලිමේන්තු කටයුතු පිළිබද කාරක සභාව ඊයේ කතානායකවරයාගේ ප්‍රධානත්වයෙන් රැස්වු අවස්ථාවේදීයි මේ බව දැනුම් දී ඇත්තේ.

ඒ අනුව අද දින පැවැත්වීමට නියමිතව තිබු ඊට අදාළ විවාදය සහ ඡන්ද විමසීම නොපැවැත්වීමට මෙහිදී තීරණය කෙරුණා.

මේ අතර හිටපු විපක්ෂ නායක ආර් සම්පන්දන් මහතාගේ දේහය අවසන් ගෞරව දැක්වීම සඳහා හෙට පාර්ලිමේන්තු පරිශ්‍රයට රැගෙන ඒමට නියමිතයි.

මේ හේතුවෙන් එදිනට පාර්ලිමේන්තු කටයුතු නොපැවැත්වීමට ද තීරණය කර තිබෙනවා.

WhatsApp Group

Skip to content