මිත්‍යා මත පතුරුවමින් ජනතාව සියදිවි හානි කරගැනීම් හෝ වෙනත් විෂමාචාර ක්‍රියා සඳහා පොළඹවන දේශකයන් හෝ පුද්ගලයන්ට දැඩිදඬුවම් පැමිණවීම සඳහා නව අණ පනත් සම්මත කිරීමට රජයේ අවධානය යොමුවී තිබෙනවා.

ජනතාව අතරේ මිථ්‍යා මත පතුරවමින් සියදිවි හානි කර ගැනීම් සඳහා පෙළඹවූ බව කියන මාලඹේ දේශකයා සහ ඔහුගේ අනුගාමිකයන් පිළිබඳව කරුණු සොයා බැලීම සඳහා විශේෂ පොලිස් කණ්ඩායම් තුනක් පත් කර ඇති බවයි අධිකරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පැවසුවා.

එමෙන්ම ඔහු කියා සිටියේ මෙවැනි මිථ්‍යා දෘෂ්ටික පුද්ගලයන් සම්බන්ධයෙන් කටයුතු කිරීමට දැනටමත් යම් යම් නීති පවතින බවයි.

එමෙන්ම සියදිවි හානි කර ගැනීම සඳහා උත්සහ දරන පුද්ගලයන් සම්බන්ධයෙන්ද නීතිය දැඩිව ක්‍රියාත්මක කිරීමට ප්‍රතිපාදන පවතින බව ද අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා සඳහන් කළා.

WhatsApp Group

Skip to content