ජනතාව තුල ඇති පීඩනය මැතිවරණයකදී පිට කරනු ඇති බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම් මරික්කාර් මහතා පවසනවා .
මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ ඊයේ කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින්.
එමෙන්ම මැතිවරණයක් සදහා ඕනෑම මොහොතක තම පක්ෂය සුදානම් බව ද ඔහු මෙහිදී සදහන් කළා .
මේ අතර විදුලිබල හා බලශක්ති රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මහතා පැවසුවේ ආරාධනා ලැබෙන තෙක් ජතාව අතරට යාමට තමන්ට නොහැකි බවයි.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කටාන ආසන බල මණ්ඩල රැස්වීමට එක් වෙමින් ඔහු මේ බව ප්‍රකාශ කළා .