රටේ සමස්ථ ජනතාවට යහපත් ජීවන තත්ත්වයක් උදාකරදීම රජයේ අපේක්ෂාව බව ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය අශෝක ප්‍රියන්ත මහතා පවසනවා.

භාණ්ඩ මිල පාලනය කර නිෂ්පාදනය වැඩි කිරීම ජනාධිපතිවරයාගේ ප්‍රධාන අරමුණ බවයි රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.

ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අශෝක ප්‍රියන්ත මහතා මේ බව ප්‍රකාශ කළා.

භාණ්ඩ මිල වැඩිවීම රාජ්‍ය සේවකයින්ට පමණක් නොව සමස්ත ජනතාවටම බලපාන කරුණක් බවයි රාජ්‍ය අමාත්‍ය අශෝක ප්‍රියන්ත මහතා සදහන් කළේ.

ලබන වසරේ පළමු කාර්තුව තුළ සහනදායි තත්ත්වයක් අපේක්ෂා කළ හැකි බව ද අශෝක ප්‍රියන්ත මහතා සදහන් කළා. මේ අතර රාජ්‍ය සේවකයින්ට වැටුප් වැඩි කිරීම සම්බන්ධයෙන් අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා ද ඊයේ කොළඹදී මාධ්‍යට අදහස් පලකළා.

https://www.vnews.lk/storage/2023/11/MANUSHA-EDIT.mp3?_=1

WhatsApp Group

Skip to content