ජනතාවට මේ වනවිට මැතිවරණයක අවශ්‍යතාව මතුව ඇතැයි, ජාතික මැතිවරණ කොමිසමේ සභාපති නීතිඥ නිමල් පුංචිහේවා මහතා පවසනවා .

සභාපතිවරයා සඳහන් කළේ, පසුගිය කාලයේ ඇතිවූ සිද්ධීන් සමග ජනතා කැමැත්ත මේ වන විට වෙනසකට ලක්ව ඇති බවයි.

ඒ අනුව තම මහජන නියෝජිතයින් පිළිබඳව ජනතාව තුල පවතින නව කැමැත්ත ප්‍රකාශ කිරීම සඳහා කුමන මැතිවරණයකින් හෝ අවස්ථාවක් ලබාදිය යුතුව ඇතැයි සභාපතිවරයා ප්‍රකාශ කළා .

ඔහු පෙන්වා දෙන්නේ, එසේ නොවුණහොත් සමාජයට දරාගත නොහැකි අයුරින් ජනතා කැමැත්ත ඉස්මතුවීමට ඉඩ ඇති බවයි.

රට මේ වනවිට යහපත් තත්ත්වයකට පත්වෙමින් පවතින බැවින් මැතිවරණයක අවශ්‍යතාව පවතී නම්, පාර්ලිමේන්තුව මගින් කොමිසමට ඒ සඳහා අවශ්‍ය මුදල් ලබා දෙනු ඇති බවද ඔහු සඳහන් කළා .

 

WhatsApp Group

Skip to content