ජන අරගල ව්‍යාපාරය විසින් පසුගියදා  කොළඹදී  පැවැත්වූ විරෝධතාවය අතරතුර අත්අඩංගුවට ගත් අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය මණ්ඩලයේ හිටපු කැඳවුම්කරු ලහිරු වීරසේකර, දුමින්ද නාගමුව සහ රත්කරුව්වේ ජිනතරන හිමි ඇප මත මුදා හරින ලෙස කොටුව මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අද  නියෝග කර තිබෙනවා.

ඔවුන් තිදෙනාට ඇප ලබා දෙන ලෙස නීතිඥ මඩුල්ල සිදු කළ ඉල්ලීම සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය සිදු කර තිබෙනවා.

සැකකරුවන් තිදෙනා අධිකරණයට ඉදිරිපත් කර නොමැති අතර ස්කයිප් තාක්ෂණය ඔස්සේ නිරීක්ෂණය කළ මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය සිදුකළ බවයි අප අධිකරණය වාර්තාකරු පැවසුවේ.

WhatsApp Group

Skip to content