ජංගම දුරකථන, ශීතකරණ, විදුලි පංකා, පලතුරු ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ ආනයනය සඳහා පනවා තිබූ නීති ලිහිල් කීරිම හේතුවෙන් ඉදිරියේදී ජංගම දුරකථන වල මිල අඩුවෙනු ඇති බව වාර්තා වනවා.

මහ බැංකුව විසින් භාණ්ඩ වර්ග 843ක් ආනයනය කිරීමේ දී පනවා තිබූ මුදල් ආන්තික අවශ්‍යතාව හෙවත් එම භාණ්ඩ වල සම්පූර්ණ වටිනාකමට මුදල් තැන්පතු සීමාව ඊයේ දිනයේ සිට ඉවත් කරන බව නිවේදනය කළා.

ඒ අනුව මෙලෙස මිල ගණන් අඩු වන බවටයි වාර්තා වන්නේ.

පසුගිය කාලය තුළ පැවති උද්දමනයත් ජංගම දුරකථන ආනයනය සීමා කිරීමත් මත ජංගම දුරකථන ඇතුළු භාණ්ඩ විශාල ප්‍රමාණයක මිල ඉතා සීග්‍රයෙන් ඉහල ගියා.

WhatsApp Group

Skip to content