පළාත් පාලන ඡන්ද විමසීම කල්දමන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා විශ්‍රාමික යුද හමුදා කර්නල් ඩබ්ලිව්. එම්. ආර්. විජේසූන්දර මහතා ඉදිරිපත් කළ පෙත්සම ලබන 23 වනදා ට පෙර සලකා බැලීම සඳහා කැඳවන ලෙස ඉල්ලමින් ගොනුකළ මෝසම සලකා බැලීමට අනවශ්‍ය බව ඔහුගේ නීතිඥවරු අද ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නා .

ඒ අනුව අදාළ පෙත්සම සලකා බැලීම සඳහා කලින් නියම කළ පරිදි ලබන 23 වනදා කැඳවීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියම කර තිබෙනවා.

WhatsApp Group

Skip to content