ඡන්ද පත්‍රිකා මුද්‍රණය දින නියමයක් නොමැතිව කල් දමා තිබෙනවා.

මැතිවරණ දිනය පිළිබදව මතුව ඇති ගැටලුකාරි තත්වයන් සහ අවශ්‍ය පහසුකම් නොලැබීම හමුවේ එම පියවර ගත් බවයි රජයේ මුද්‍රණාලය පැවසුවේ.

කෙසේ වෙතත් දැනට මුද්‍රණය කර ඇති ඡන්ද පත්‍රිකා සුරක්ෂිතව තබා ඇතැයි ද රජයේ මුද්‍රණාලය ප්‍රකාශ කළා.

එහි ප්‍රකාශයෙකු සදහන් කළේ අවශ්‍ය සියලු පහසුකම් හිමි වන්නේ නම් දින 25 ත් 30 ත් අතර කාලයේදී සියලු ඡන්ද පත්‍රිකා මුද්‍රණය කිරීමට තම ආයතනයට බලය පවතින බවයි.

මේ අතර ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා අද හදිසියේම මැතිවරණ කොමිසම වෙත පැමිණියා.

එහිදි මැතිරවණය කල්දැමීම සම්බන්ධයෙන් සාකච්ඡාවක් පැවැත් වූ බවයි ඔහු මාධ්‍ය වෙත සදහන් කළේ.

https://www.vnews.lk/storage/2023/02/ANURAKUMARA-EDIT.mp3?_=1

එමෙන්ම පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් පක්ෂ විපක්ෂ මත පළ වුණා.

https://www.vnews.lk/storage/2023/02/MIX-CUT-1.mp3?_=2

WhatsApp Group

Skip to content