ඡන්ද පත්‍රිකා මුද්‍රණය කිරීමට මුදල් සහ ආරක්ෂාව ලබා දෙන ලෙස ඉල්ලමින් රජයේ මුද්‍රණාලාධිපති ගංගානි කල්පනා ලියනගේ මහත්මිය විසින් මුදල් අමාත්‍යාංශ ලේකම්වරයාට සහ පොලිස්පතිවරයාට ලිපි යොමු කර තිබෙනවා.

අදාළ ලිපියෙන් ඇය කියා සිටියේ මුදල් අමාත්‍යාංශයට සහ පොලිස් මූලස්ථානයට රැගෙන ගොස් අදාළ ලිපි භාර දුන් බවයි.

ඡන්ද පත්‍රිකා මුද්‍රණය කරන කාල සීමාවේදී දිවා කාලයේ පොලිස් නිලධාරින් 35 දෙනෙකු හා රාත්‍රී කාලයේ 28 දෙනෙකු අවශ්‍ය බව සහ ඒ සදහා නිලධාරින් ලබා දෙන ලෙසයි මුද්‍රණාලාධිපතිනිය පොලිස්පතිවරයාට යැවූ ලිපියේ සදහන් වන්නේ.

එමෙන්ම පළාත් පාලන ඡන්දයට අදාළ මුද්‍රණ කටයුතු සදහා රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුව ඇස්තමේන්තු කළ රුපියල් මිලියන 500යෙන් මේ වන විටත් මුදලින් ලැබී ඇති ඇත්තේ රුපියල් මිලියන 40 ක් බවටයි වාර්තා වන්නේ.

කේසේ වුවත් මුද්‍රණ දෙපාර්තමේන්තුව මේ වන විට ඡන්දයට අදාළව රුපියල් මිලියන 250කට අධික මුද්‍රණ කටයුතු අවසන් කර ඇති බවද සදහන්.

WhatsApp Group

Skip to content