පළාත් පාලන මැතිවරණයට අදාල නිල ඡන්ද පත්‍රිකා මුද්‍රණය තව දුරටත් සිදු කළ නොහැකි බව රජයේ මුද්‍රණාලයාධිපති මැතිවරණ කොමිසම වෙත නිල වශයෙන් දන්වා තිබෙනවා.

රජයේ මුද්‍රණාලයාධිපති ගංගානි ලියනගේ මහත්මිය මේ බව මැතිවරණ කොමිසමට දන්වා ඇත්තේ ඊයේ පස්වරු 3.30 ට පමණයි .

ඒ අනුව ඡන්ද පත්්‍රකා මුද්‍රණය සඳහා වැයවන වියදම් පියවා ගැනීමට අවශ්‍ය මුදල් ලබා දෙන තෙක් එය අත් හිටුවීමට සිදු වනු ඇති .

මේ අතර රජයේ කාර්යාල හෝ ආයතන තුළ මැතිවරණ ප්‍රචාරණ කටයුතු සිදු කිරීමෙන් වැලකී සිටින ලෙස මැතිවරණ කොමිෂන් සභාව දේශාපාලන ක්‍රියාකාරින්ගෙන් ඉල්ලීමක් කරනවා .

ඒ අනුව ඡන්ද ආයචනා කිරීම්, අත්පත්‍රිකා බෙදීම්ි හෝ වෙනත් මැතිවරණ ප්‍රචාරණයට අදාළ කාර්යයන් සිදු නොකළ යුතු වනවා .

නිවේදනයක් නිකුත් කරමින් එම කොමිෂන් සභාව දැනුම් දෙන්නේ එවැනි ක්‍රියාවල නිරතවන්නේ නම් එය නීතිවිරෝධී බවයි .

එමෙන්ම පළාත් පාලන ඡන්ද විමසීම සම්බන්ධයෙන් දේශපාලන වේදිකාවේ විවිධ අදහස් ඊයේ දිනයේදීත් පල වුණා .

මේ එලෙස අදහස් පල කල රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ ,සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා ,පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල සහ ජාතික ජන බලවේගයේ විධායක කමිටු සාමාජික සමන්ත විද්‍යාරත්න යන මහත්ම මහත්මීන් .

 

https://www.vnews.lk/storage/2023/02/MIX-EDIT-1-6.mp3?_=1

WhatsApp Group

Skip to content