ජනාතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය රැකදෙන්නැයි සමගි ජන බලවේගය රජයෙන් ඉල්ලා සිටිනවා.

එම පක්ෂයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රි රංජිත් මද්දුම බණ්ඩාර මහතා පැවසුවේ ඡන්ද නොමැතිකම හේතුවෙන් ආණ්ඩුව මැතිවරණ කල්දමා ඇති බවයි.

පළාත් පාලන මැතිවරණය කල් දැමීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සදහා මැතිවරණ කොමිසම හමුවට පැමිණි අවස්ථාවේ මන්ත්‍රිවරයා මෙම අදහස් පලකළා.

මෙහිදී පාර්ලිමේන්තු මන්ත්‍රි හර්ෂණ රාජකරුණා මහතා ද මාධ්‍යට අදහස් පලකළා.

https://www.vnews.lk/storage/2023/07/RANJITH-MADDUMABANDARA-EDIT.mp3?_=1

 

WhatsApp Group

Skip to content