පළාත් පාලන මැතිවරණය පැවැත්වීමේ සංශෝධිත දිනය අද දින ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබෙනවා.

මාර්තු මස 09 වන දින පළාත් පාලන මැතිවරණය නොපැවැත්වීමට පසුගිය සිකුරාදා රැස් වූ මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජිකයින් විසින් තීරණය කෙරුණා.

ඉන් අනතුරුව අවස්ථා කිහිපයකදී මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජිකයින් පවතින තත්වය පිළිබදව සමාලෝචනය කරනු ලැබුවා.

මේ අතර රටේ පවතින මූල්‍ය තත්වය ඇතු`ඵ කරුණු කිහිපයක් සම්බන්ධයෙන් නිශ්චිත නිගමනයකට පැමිණීමට ප්‍රථම එම කොමිසම පළාත් පාලන මැතිවරණය පැවැත්වීමේ සංශෝධිත දිනය අද දින ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබෙනවා.

කෙසේ වෙතත් පසුගිය දා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් කියා සිටියේ මැතිවරණයක් පැවැත්වීම සදහා මැතිවරණ කොමිෂන් සභාව විසින් නිශ්චිත දිනයක් මේ වන තෙක් ප්‍රකාශයට පත් කර නොමැති බවයි.

මැතිවරණයක් ප්‍රකාශයට පත් කිරීමට නම් අදාළ කාර්යය සදහා මැතිවරණ කොමිසමේ සභාපතිවරයා ඇතුඵ තිදෙනෙකු විසින් එම දිනය ප්‍රකාශයට පත් කිරීම අනිවාර්ය බවයි ජනාධිපතිවරයා වැඩිදුරටත් අවධාරනය කර සිටියේ.

කෙසේ වෙතත් මැතිවරණ කොමිෂන් සභාව විසින් කථා නායක මහින්ද යාපා අබේවර්ධන මහතා හට මේ සම්බන්ධයෙන් වන නීතිමය ලියකියවිලි සහ තවත් ලේඛනයකින් කියා සිටියේ මාර්තු මස 9 වන දා මැතිවරණයක් සදහා දිනයක් ලෙස ප්‍රකාශ කරනු ලැබුවේ පවතින මැතිවරණ නීතියට අනුකූලව බවයි.

මේ සියලු කරුණු සලකා බලමිනුයි මැතිවරණ කොමිෂන් සභාව විසින් අද දින මැතිවරණය සදහා නව දිනයක් ප්‍රකාශයට පත් කිරීමට නියමිතව ඇත්තේ.

නමුත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලමේන්තුවේදී සිදු කරන ලද විශේෂ ප්‍රකාශයෙන් කියා සිටියේ මැතිවරණයක් පැවැත්වීමට මෙම අවස්ථාවේදී මුදල් නොමැති බවටයි.

WhatsApp Group

Skip to content