නියමිත දිනට මැතිවරණය පැවැත්විය යුතු බවත් ඒ සඳහා මැතිවරණ කොමසාරිස්වරයා සමඟ සාකච්ඡාවේදී කරුණු පහදා දුන් බවත් ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා ශ්රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහානායක අතිපූජ්ය මකුලෑවේ විමල ස්වාමීන් වහන්සේ හමුවේ ප්රකාශ කළේය.
ශ්රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහා නායක අතිපූජ්ය මකුලෑවේ විමල ස්වාමීන් වහන්සේ වැඩ සිටින නාරාහේන්පිට, ඇල්විටිගල මාවතේ පිහිටි ශ්රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ සංඝ මූලස්ථානය වෙත අද (05) පස්වරුවේ පැමිණි ජනාධිපතිවරයා මහානායක හිමිපාණන් වහන්සේ බැහැදැක සුව දුක් විමසා කෙටි පිළිසඳරක නිරත විය.
මෙහිදී සෙත් පිරිත් සජ්ජායනා කර ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා වෙත ආශිර්වාද පළ කළ මහා නායක හිමිපාණන් වහන්සේ ජනාධිපතිවරයා වෙත සමරු තිළිණයක් ද පිළිගැන්වීය.

WhatsApp Group

Skip to content