අයවැය තුළින් පාර්ලිමේන්තුව මගින් සම්මත කර තිබෙන 2023 වසරේ මැතිවරණ කටයුතු සඳහා වෙන්කර තිබෙන මුදල් ප්‍රතිපාදන රඳවාගැනීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මුදල් අමාත්‍යංශයේ ලේකම්වරයාට සහ මුදල් අමාත්‍යවරයා වෙනුවෙන් නීතිපතිවරයාට අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබෙනවා.

ඒ් සමගි ජන බලවේගයේ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාගයට ගැනීමට අවසර දෙමිනි.

ප්‍රීති පද්මන් සූරසේන, ජනක් ද සිල්වා සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝගය ලබාදී තිබෙනවා.

මීට අමතරව මුද්‍රණාලාධිපතිනියට අවශ්‍ය මුදල් මුදා නොහැර රඳවා තබාගැනීම ද වළක්වමින් තවත් අතුරු නියෝගයක්ද නිකුත් කර තිබෙනවා.

WhatsApp Group

Skip to content