ඕමානයේ පැවති ලෝක ආධුනික විවෘත චෙස් ශූරතා තරගාවලියේ දී ජාත්‍යන්තර වර්ගීකරණය අනුව 2,000 න් පහළ කාණ්ඩයේ කාන්තා අංශයේ දෙවන ස්ථානයට පත් වෙමින් රිදී පදක්කම දිනාගත් දෙසදි දිහංසා ගමගේ අද (12) දින අලුයම කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියා.

මෙම තරගාවලිය වාර්ෂිකව පවත්වනු ලබන අතර, මෙවර තරගාවලිය නොවැම්බර් මස 01 වැනිදා සිට 11 වනදා දක්වා ඕමානයේ මස්කට් නුවරදී පැවැත්වුණා.

දෙසදි කොළඹ සිරිමාවෝ බණ්ඩාරනායක විද්‍යාලයේ 12 ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුවියක් වන අතර ඉකුත් 2017 වසරෙන් වසර 06 කට පසුව මෙවැනි චෙස් ජයග්‍රහණයක් ශ්‍රී ලංකාවට රැගෙන ඒමට සමත් වී සිටිනවා.

ඇය 12 වනදා අලුයම 04.20 ට ඕමානයේ මස්කට් නුවර සිට සලාම් එයාර් ගුවන් සේවයේ ඕ.වී.- 437 දරණ ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටි අතර පිළිගැනීමට ශ්‍රී ලංකා චෙස් සම්මේලනයේ නිලධාරීන්, ඇය ඉගෙනුම ලබන පාසලේ ගුරු භවතුන් සහ ඇයගේ දෙමාපිය නෑදෑ හිතවතුන් පිරිසක් ද ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තය වෙත පැමිණ සිටියා.

WhatsApp Group

Skip to content