ඉන්දියාවේ චෙන්නායි සිට යාපනය ජාත්‍යන්තර ගුවන් තොටුපල දක්වා දැනට පවත්වාගෙන යන ගුවන් ගමන් සදහා සැප්තැම්බර් 01 වැනිදා සිට තවත් ගුවන් සමාගමක් එක්වීමට නියමිතව තිබෙනවා.

ඉන්ඩිගෝ ගුවන් සේවයට යටතේ එක් ගුවන් යානයක් පළමු අදියරය සදහා සේවයට එක කෙරුනු ඇති. එම ගුවන් යානය චෙන්නායි ගුවන් තොටුපළෙන් පස්වරු 1.55ට පිටත් වී පස්වරු 3.10ට යාපනය ගුවන් තොටුපළට ළඟා වෙනවා.

පසුව යාපනයෙන් පස්වරු 3.55ට පිටත් වී පස්වරු 5.10ට එම ගුවන් යානය චෙන්නායි ගුවන් තොටුපළට ළඟා වන බව ගුවන් සමාගම නිවේදනය කර තිබෙනවා.

සතියේ සෑම දිනකම මෙම ගුවන් ගමන් ක්‍රියාත්මකවන අතර, දැනට චෙන්නායි සිට යාපනය අතර ක්‍රියාත්මක අනෙකුත් ගුවන්යානා වලට අමතරව ඉන්ඩිගෝ ගුවන් සමාගම ද ගුවන් යානයක් යොදවා තිබෙනවා.

 

WhatsApp Group

Skip to content