ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරඟාවලියේ ඊයේ පැවති තරඟ දෙකෙන් ජය වාර්තා කිරීමට චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම සහ රෝයල් චැලෙන්ජර්ස් බැංගලූරූ කණ්ඩායම සමත් වුණා.

ඒ රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම සහ දිල්ලි කැපිටල්ස් කණ්ඩායම පරාජයට පත් කරමින්.

ඊයේ පැවති පළමු තරඟයේදී රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම පරාජය කරමින් කඩුලු 05ක ජයක් වාර්තා කිරීමට චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම සමත් වුණා.

එහිදී පළමුවෙන් පන්දුවට පහරදුන් රාජස්ථාන් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 5ක් දැවී ලකුණු 141ක් රැස් කළා.
එහිදී රියන් පරාග් පන්දු 35දී නොදැවී ලකුණු 47ක් රැස් කළා.

පන්දු යැවීමේදී සිමාර්ජීත් සිං ලකුණු 26ට කඩුලු 3ක්සහ තුෂාර් දේෂ්පාන්ඩේ ලකුණු 30ට කඩුලු 2ක් බිඳ හෙලුවා.
ඒ අනුව පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම පන්දුවාර 18යි පන්දු 2ක් අවසානයේ කඩුලු 05ක් දැවී ලකුණු 145ක් ලබා ගනිමින් තරඟය ජයග්‍රහණය කළා.

එහිදී නායක රුතුරාජ් ගායික්වාඩ් පන්දු 41දී නොදැවී ලකුණු 42ක් රැස් කළා.

මේ අතර ඊයේ පැවති දෙවැනි තරඟයෙන් දිල්ලි කැපිටල්ස් කණ්ඩායම පරාජය කරමින් ලකුණු 47ක ජයක් වාර්තා කිරීමට රෝයල් චැලෙන්ජර්ස් බැංගලූරූ කණ්ඩාය සමත් වුණා.

එහිදී පළමුවෙන් පන්දුවට පහරදුන් බැංගලූරූ කණ්ඩාය නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 09ක් දැවී ලකුණු 187ක් රැස් කළා.
එහිදී රාජත් පතිදාර් පන්දු 32දී ලකුණු 52ක් සහ කැමරන් ග්‍රීන් පන්දු 24දී නොදැවී ලකුණු 32ක් රැස් කිරීමට සමත් වුණා.

ඒ අනුව පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ දිල්ල කණ්ඩායමට පන්දුවාර 19යි එක් පන්දුවක් අවසානයේ සියල්ලන් දැවී රැස් කරගත හැකි වූයේ ලකුණු 140ක් පමණයි.

එහිදී යෂ් දයාල් ලකුණු 20ට කඩුලු 03ක් බිඳ හෙලුවා.

WhatsApp Group

Skip to content