ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරඟාවලියේ ඊයේ පැවති තරඟයෙකින් පංජාබ් කණ්ඩායම පරාජය කරමින් ලකුණු 28ක ජයක් වාර්තා කිරීමට චෙන්නායි කණ්ඩායම සමත් වුණා.
එහිදී පළමුවෙන් පන්දුවට පහරදුන් චෙන්නායි කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 09ක් දැවී ලකුණු 167ක් රැස් කළා.
එහිදී රවින්ද්‍ර ජඩේජා පන්දු 26දී ලකුණු 43ක් රැස් කිරීමට සමත් වුණා.
පන්දු යැවීමේදී රාහුල් චහාර් සහ හර්ෂාල් පටෙල් කඩුලු 3 බැගින් බිඳ හෙළුවා.
ඒ අනුව පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ පංජාබ් කණ්ඩායමට පන්දුවාර 20 අවසානයේ කඩුලු 09ක් දැවී රැස් කරගත හැකි වූයේ ලකුණු 139ක් පමණයි.
පන්දු යැවීමේදී රවින්ද්‍ර ජඩේජා ලකුණු 20ට කඩුළු 3ක් බිඳ හෙළුවා.

WhatsApp Group

Skip to content