අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ බව පවසමින් මූල්‍ය ආයතනයක හිමිකරුවෙකු පැහැරගෙන ගිය සිදුවීමකට සම්බන්ධ චීවරධාරියකු දෙමටගොඩ පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිසිය පවසන්නේ මැයි මස 11 වැනි දා දකුණු මාකොළ ප්‍රදේශයේ මූල්‍ය ආයතනයකට පැමිණි චීවරධාරියකු සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් යැයි පැවසෙන දෙදෙනෙකු එම ආයතන හිමිකරු පැහැරගෙන ගොස් ඇති බවයි.

එමෙන්ම ඔහුගේ ගමන් බලපත්‍රය සහ නිවසේ ඔප්පුව බලහත්කාරයෙන් රැගෙන ගොස් ඇති බව ද සදහන්.

අදාළ සිද්ධිය සම්බන්ධයෙන් දෙමටගොඩ පොලිසිය මගින් මේ පිළිබද වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.

 

WhatsApp Group

Skip to content