චීන විදේශ අමාත්‍ය චින් ගන්ග් දින කිහිපයක් තිස්සේ ප්‍රසිද්ධියේ පෙනී සිට නැතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

එම වාර්තා පෙන්වා දුන්නේ, 57 හැවිරිදි අමාත්‍යවරයා ජූනි 25 වන දායින් පසු දින 23ක් තිස්සේ මෙලෙස ප්‍රසිද්ධියේ පෙනී සිට නොමැති  බවයි.

ඉකුත් දෙසැම්බර් මාසයේ විදේශ අමාත්‍ය ධූරයට පත් වූ ඔහු චීන ජනාධිපති ෂී ජින්පිංග්ගේ විශ්වාසවන්ත සමීපතමයෙකු ලෙස සැලකේ.

චීන රජයේ වඩාත් ප්‍රසිද්ධ චරිතයක් වන ඔහු දිගු කලක් තිස්සේ ප්‍රසිද්ධියේ පෙනී නොසිටීම රාජ්‍ය තාන්ත්‍රිකයින්, චීන නිරීක්ෂකයින් අතර මෙන් ම සාමාන්‍ය චීන ජනතාව අතර ද අවධානයට ලක් වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

මේ සම්බන්ධයෙන් විදෙස් මාධ්‍ය චීන විදේශ අමාත්‍යංශයෙන් කළ විමසීකමදී එහි මාධ්‍ය ප්‍රකාශක මාඕ නින්ග් සඳහන් කර ඇත්තේ, ලබා දීමට තරම් තොරතුරක් තමන් සතුව නොමැති බවයි.

බොහෝ විට විනිවිදභාවයක් නොමැතිව කටයුතු කරන චීනයේ ප්‍රධාන පෙළේ නිලධාරියෙකුගේ මෙම අනපේක්ෂිත අතුරුදන් වීම ගැටලුකාරී තත්ත්වයක පෙරනිමිත්තක් බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

ඔහු චීන ඉතිහාසයේ විදේශ අමාත්‍ය තනතුරට පත් වූ ළාබාලතම පුද්ගලයින්ගෙන් කෙනෙකු බව ද සඳහන්.

ඉහළ පෙළේ දේශපාලනඥයින් අතුරුදන් වීම චීනයට එතරම් ආගන්තුක නොවේ.

ෂී ජින්පිංග් ද 2012 වසරේදී එරට ජනාධිපති ධූරයට පත් වීමට ටික කලකට පෙර දෙසතියක කාලයක් ප්‍රසිද්ධියේ පෙනී නොසිටි අතර එය ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය මෙන් ම, සිය කොමියුනිස්ට් පක්ෂයේ බල අරගලය සම්බන්ධ විවිධ කටකතා පැතිරීමට තුඩු .

WhatsApp Group

Skip to content