තායිවානය සිය හමුදා සීරුවෙන් තබා තිබෙන බව විදෙස් මාධ්‍ය පවසනවා.

ඒ තායිවානය අසල මුහුදේ චීනය විසින් යුද අභ්‍යාසයන් සිදු කිරීම හේතුවෙන්.

චීනය, තායිවානය වටා මුහුදේ යුද අභ්‍යාස පවත්වමින් සිටින බවයි එරට මාධ්‍ය වාර්තා කරන්නේ.

පසුගිය සතියේ තායිවාන ජනාධිපති විලියම් ලායි ,චීනය සම්බන්ධයෙන් විරුද්ධ අදහස් පළකිරීමට ප්‍රතිචාර ලෙස මෙය සිදු කෙරෙන බව සඳහන් වනවා.

තායිවාන ආරක්ෂක අමාත්‍යංශය මෙය හෙළා දැක ඇති අතර, තම ආරක්ෂක හමුදා සීරුවෙන් තබා ඇති බවයි ප්‍රකාශ කළේ.

තායිවානය වැඩිදුරටත් කියා සිටියේ චීනය හමුදා අභ්‍යාස සිදු කළ ද ගුවන් හා වරාය මෙහෙයුම් සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක කරන බවයි.

WhatsApp Group

Skip to content