ඇමරිකාවට ඉහළින් ගමන් කළ චීන බැලූනය හුදෙකලා එකක් නොවන බව ඇමෙරිකාව පවසනවා.

ඔවුන් සඳහන් කරන්නේ ඇමෙරිකාවට ඉහලින් ගමන් කරනු ලැබුයේ චීනය විසින් ගුවන් ගත කරන ලද බැලූන රාශියක් අතරින් එකක් පමණක් බවයි.

මහාද්වීප පහම ආවරණය වන ආකාරයෙන් චීනය මෙවැනි බැලූන යවා ඇති බවයි ඔවුන් පවසන්නේ.

මෙම බැලූන ව්‍යාපෘතියේ ඉලක්කය ඇමරිකාව පමණක් නොවන බව එරට රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් සඳහන් කර තිබෙනවා.

ජපානය, ඉන්දියාව, පිලිපීනය, වියට්නාමය, තායිවානය මෙම ව්‍යාපෘතියේ සෙසු ඉලක්ක බවට පත්ව ඇති බව තම විශ්වාසය බවයි ඇමෙරිකාව සඳහන් කර ඇත්තේ

ඇමරිකාවට ඉහළින් ගමන් කරමින් තිබූ බැලූනයට වෙඩි තබා බිම හෙළීමට ඇමරිකානු ආරක්ෂක අංශ පසුගියදා පියවර ගනු ලැබුවා.

මෙම බැලූනයේ සුන්බුන් යම් ප්‍රමාණයක් මේ වනවිට ගොඩගෙන ඇති බවද වාර්තා වනවා.

මෙය සැබැවින්ම ඔත්තු බැලීමේ බැලූනයක්ද යන්න මෙම සුන්බුන් පරීක්ෂා කිරීමෙන් දැනගත හැකි වනු ඇති බව විශේෂඥයන් ප්‍රකාශ කර තිබෙනවා,

WhatsApp Group

Skip to content