චීන පර්යේෂණ නෞකාවක් වන ෂි යෑන් සික්ස් නෞකාව මේ වනවිට ශ්‍රී ලංකාවේ වාණිජ මුහුදු කලාපයට ඇතුළු වී ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබෙනවා .

එමෙන්ම අදාළ මාධ්‍ය පවසන්නේ එම නෞකාවට මෙරටට පැමිණීමට ආරක්ෂක අමාත්‍යාංශය විසින්ද අවසර ලබා දී ඇති බවයි .

කෙසේවෙතත්, හින්දුස්ථාන් ටයිම්ස් පුවත්පත වාර්තා කලේ මෙම පර්යේෂණ නෞකාවට ශ්‍රී ලංකාවට ඇතුළු වීමට අවසර ලබා නොදෙන ලෙසට ඉන්දියාව ශ්‍රී ලංකාවෙන් කළ ඉල්ලීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සලකා බලමින් පවතින බවයි .

කෙසේවෙතත්, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමග ඉන්දීය විදේශ අමාත්‍යවරයා පසුගිය 11 වැනිදා කොළඹදී කළ සාකච්ඡාවේදී මෙරට ජනාධිපතිවරයාගෙන් ඒ සම්බන්ධයෙන් නිසි ප්‍රතිචාරයක් හිමි වී නොමැති බව ද එම මාධ්‍ය වාර්තා කළා.

එහි වැඩිදුරටත් දැක්වෙන්නේ, චින ජනාධිපතිවරයාගේ ආරාධනය මත ජනාධිපති රනිල් වික්‍රමසිංහ නිරතව සිටින චීන සංචාරය අතරතුර අදාළ නෞකාව සම්බන්ධ අවසන් තීරණය ගනු ඇති බවයි.

WhatsApp Group

Skip to content