චීන ජනාධිපති ෂී ජින් පිං ඇමරිකාවේ ව්‍යාපාරික ප්‍රජාව සහ උපායමාර්ගික විද්වතුන් නියෝජනය කරන පිරිසක් අතර හමුවක් බෙයිජිං අගනුවර පිහිටි මහජන මහා ශාලාවේ දී පසුගියදා (27) පවත්වා තිබේ.

ෂී ජින් පිං එහිදී පෙන්වා දුන්නේ, චීන-ඇමරිකානු සබඳතා ලොව වැදගත්ම ද්විපාර්ශ්වික සබඳතාවලින් එකක් වන බවයි. චීන-ඇමරිකානු සබඳතාවන් හි ඉතිහාසය යනු දෙරට ජනතාවගේ මිත්‍රශීලී හුවමාරු පිළිබඳ ඉතිහාසයකි. එසේම, එම අතීත කතාව ජනතාව විසින් ලියනු ලැබ ඇති අතර, අනාගතය නිර්මාණය කළ යුත්තේ ද ජනතාව විසින් බවද ඔහු පවසා තිබේ.

WhatsApp Group

Skip to content