චීනයේ ප්‍රධානම සමාගම් දෙකක් වන සිනෝපෙක් සමාගමේ හා චයිනා මර්චන්ට් සමාගමේ නියෝජිතයන් පිරිසක් මේ දිනවල මෙරට තුළ සංචාරයක නිරත වෙමින් සිටිනවා.

සිනෝපෙක් සමාගම පෙට්‍රෝලියම් හා රසායන ද්‍රව්‍ය සම්බන්ධයෙන් ප්‍රධාන සමාගමක් වන අතර, චයිනා මර්චන්ට් සමාගම වරාය හා කාර්මික් උද්‍යාන ක්ෂේත්‍ර යේ ප්‍රධාන සමාගමක් වනවා.

ශ්‍රී ලංකාව තුළ පවතින සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීමට මෙන්ම ශ්‍රී ලංකාවේ නව ආයෝජන අවස්ථා පිළිබඳව සලකා බැලීම සදහායි ඔවුන් මෙසේ ශ්‍රී ලංකාවට පැමිණ තිබෙන්නේ.

ශ්‍රී ලංකාවේ ඉන්ධන බෙදාහැරීමේ ක්ෂේත්‍රය තුළ ආයෝජනය කිරීමට සිනෝපෙක් සමාගම අවධානය යොමුකර තිබෙනවා.

සිනෝපෙක් සමාගම ලෝකයේ ඉහළින්ම සිටින සමාගම් 500 අතර පස්වැනි ස්ථානයට පත්ව තිබෙන අතර, චයිනා මර්චන්ට් සමාගම එම ලැයිස්තුවේ 152 වැනි ස්තානයෙය්යි පසු වන්නේ.

WhatsApp Group

Skip to content