චීනය විසින් පකිස්ථානයට ඩොලර් බිලියන 02ක ණය මුදලක් ලබා දී තිබෙනවා.

පකිස්ථාන මුදල් අමාත්‍ය ඉෂාක් ඩාර් විසින් ඒ පිළිබද එරට පාර්ලිමේන්තුව දැනුවත් කළ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

පාකිස්ථානය මේ වන විට දැවැන්ත විදේශ විනිමය අර්බුදයකට ලක්ව තිබෙනවා.

එරට විදේශ සංචිත ප්‍රමාණය ඉතිරිව ඇත්තේ සති හතරක කාලයක් සදහා අත්‍යවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීම සදහා පමණක් බවයි වාර්තා වන්නේ.

WhatsApp Group

Skip to content