මිනිස් මොළයට බලපෑම් කළ හැකි නව වෛසරයක් චීනයෙන් හඳුනාගෙන තිබෙනවා.

කිණිතුල්ලන් මගින් මිනිසුන්ට බෝවන මෙම වෛරසය ‘වෙට්ලන්ඩ් වයිරස්‘ ලෙසයි විද්‍යාඥයින් විසින් හඳුන්වාදෙන්නේ.

චීනයේ ජින්ෂු නගරයේ තෙත්බිම් උද්‍යානයක සේවය කල 61 හැවිරිදි පුද්ගලයෙකුගෙන් මෙම වෛරසය පළමු වරට හඳුනාගෙන තිබෙනවා.

පර්යේෂණවලින් අනාවරණය වී ඇත්තේ මෙම වෛරසය ආසාදනය වීමෙන් මිනිස් මොළය හා සම්බන්ධ බරපතළ සෞඛ්‍ය ගැටලු ඇතිවීමේ හැකියාවක් පවතින බවයි.

WhatsApp Group

Skip to content