කොරෝනා සදහා පනවන ලද සෞඛ්‍ය මාර්ගෝපදේශ ඉවත් කිරීමෙන් අනතුරුව පසුගිය නොවැම්බර් මාසයේ සිට මේ දක්වා චීනයෙන් කොරෝනා ආසාදිතයන් මිලියන 200 ක් වාර්තා වී තිබෙනවා.

ඉන් අට ලක්ෂයක් පමණ බරපතල සංකූලතාවලට ලක්ව ඇති අතර, ඔවුන්ට ප්‍රතිකාර ලබාදීමෙන් අනතුරුව ජීවිත ගළවාගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

2019 වසරේ වූහාන් නගරයෙන් ව්‍යාප්තවීම ඇරඹුණු කොරෝනා වෛරසය පාලනය කිරීම සඳහා චීනය දැඩි සෞඛ්‍ය මාර්ගෝපදේශ පනවනු ලැබුවා.

පසුව එල්ලවූ දැඩි විරෝධතා හේතුවෙනුයි පසුගිය වසරේදී එම මාර්ගෝපදේශ ලිහිල් කිරීමට බලධාරීන් කටයුතු කරනු ලැබුවේ .

WhatsApp Group

Skip to content