ගිරිඋල්ල- කජුලන්දවත්ත මාරවිල ප්‍රදේශයේ දී චීවරධාරියෙකුගේ පහරදීමක් හේතුවෙන් පුද්ගලයෙකු මියගොස් තිබෙනවා.
මෙසේ මියගොස් ඇත්තේ ගල්ගොඩවත්ත, මාරවිල ප්‍රදේශයේ පදිංචිව සිටි 72 හැවිරිදි පුධල්යෙක් බව සඳහන්.

සැකකාර චීවරධාරියා මියගිය පුද්ගලයාගේ ඥාතියෙකු බවයි වාර්තා වී ඇත්තේ.
අදාළ චීවරධාරියා විහාරස්ථානයක වාසය නොකර මාරවිල ප්‍රදේශයේ පිහිටි සිය මවගේ නිවසේ වැඩවාසය කර තිබෙනවා.
කෙසේවෙතත් සිද්ධියෙන් අනතුරුව ඔහු ප්‍රදේශයෙන් පලා ගොස් ඇති අතර ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා ගිරිඋල්ල පොලීසිය වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබෙනවා.

WhatsApp Group

Skip to content