චිලි රාජ්‍යයේ වල්පරයිසෝ ප්‍රදේශයේ හටගත් ලැව්ගිනි හේතුවෙන් පුද්ගලයන් 99 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

ඒ අනුව චිලී රාජ්‍ය තුළ හදීසි තත්ත්වයක් ප්‍රකාශ කිරීමට ජනාධිපති ගේබි්‍රයෙල් බෝරික් කටයුතු කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ.

මෙම ලැව් ගින්න චිලි රාජ්‍යයෙන් වාර්තා වූ මාරාන්තිකම ලැව් ගින්න ලෙස සැලකෙන අතර, ලැව් ගින්න හේතුවෙන් තවත් විශාල පිරිසක් පීඩාවට පත්ව තිබෙනවා.

මේ අතර ඉදිරි පැය කිහිපය තුළ මරණ සංඛ්‍යාව ඉහළ යා හැකි බවට චිලි රාජ්‍ය බලධාරීන් ප්‍රකාශ කර ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ.

WhatsApp Group

Skip to content