තම රටේ නිලධාරීන්ට ඇමරිකාව අත්තනෝමතිකව වීසා සීමා කිරීම පිළිබඳව චීනය දැඩි විරෝධය පළ කර තිබෙනවා.

ඇමරිකාව ව්‍යාජ තොරතුරු පතුරවමින් චීනයේ මානව හිමිකම් තත්ත්වයට චෝදනා එල්ල කරමින් මෙලෙස අත්තනෝමතිකව වීසා සීමා කරන බවයි චීන විදේශ අමාත්‍යංශය සදහන් කලේ .

චීන නිලධාරීන්ට වීසා සීමාවන් ක්‍රියාත්මක කරන බව පසුගියදා ඇමරිකා රාජ්‍ය දෙපාර්තමේන්තුව නිවේදනය කළා.

චීනය පැවසුවේ එය ජාත්‍යන්තර නීතිය හා සම්බන්ධතා පිළිබඳ මූලික රෙගුලාසීන් දැඩි ලෙස උල්ලංඝනය කිරීමක් බවයි.

WhatsApp Group

Skip to content