රූපවාහිනි නාලිකා මගින් විකාශය වන චිත්‍රපටවල ප්‍රචන්ඩත්වය පිළිබද විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතව තිබෙනවා.

ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් ජුලි මස 4 වනදා ජනමාධ්‍ය අමාත්‍යංශයේදී මෙම සාකච්ඡාව පැවැත්වීමට නියමිතයි

චිත්‍රපටවල ප්‍රචන්ඩත්වය සමාජීය ගැටුළුවකට තුඩුදෙන කරුණක් බැවින් එවැනි චිත්‍රපට ප්‍රර්ශනය සම්බන්ධයෙන් මෙහිදී තීරණයක් ගනු ඇති.

අදාළ චිත්‍රපට රූපවාහිනි නාලික මගින් විකාශය වීම මගින් සමාජය තුළ ප්‍රචන්ඩත්වය ඉහළ යාමට හේතුවී ඇති බවයි විද්වතුන්ගේ මතය වන්නේ.

ඒ අනුව මේ සම්බන්ධයෙන් සුදුසු පියවර ගැනීම කාලීන අවශ්‍යතාවක් බවරජයේ ගිණුම් පිළිබද කාරක සභාවේදී සහ ජනමාධ්‍ය අමාත්‍යංශීය උපදේශක කාරක සභා රැස්වීමේදී ද අවධානය යොමු කර තිබුණා.

 

WhatsApp Group

Skip to content