චීනයේ චැන්ග්ෂා නගරයට වාර්තාගත වර්ෂාපතනයක් ලැබී තිබෙනවා.

ඊයේ උදෑසන නවයේ සිට දහය දක්වා කාලය අතරතුරදී මිලිමීටර් 65 ඉක්මවූ වර්ෂාපතනයක් චැන්ග්ෂා නගරයට ලැබී ඇති බවයි චීනයේ කාලගුණ සේවය නිවේදනය කරන්නේ.

නගරයේ මාර්ග ජලයෙන් යටව ඇති අතර මාර්ගයන්හි ගමන් කළ නොහැකි තත්ත්වයක් උද්ගතවී තිබෙනවා.

උමං මාර්ග රැසක් ද වසා දමා ඇති බවයි වාර්තා වන්නේ.

 

WhatsApp Group

Skip to content