චැනල් 4 නාළිකාව සිංහල බෞද්ධ පාලකයෙකු පත්කරගැනීම සඳහා මුස්ලිම් අන්තවාදී කණ්ඩායමක් ජීවිත පරිත්‍යාගයෙන් සැලසුම් සකස් කළ බව පැවසීම හාස්‍යයක් වනබව ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකාය පවසනවා.

ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ අතිපූජ්‍ය අනුනායක කැප්පිටියාගොඩ සිරිනිමල නා හිමියන් නිවේදනයක් නිකුත් කරමිනුයි මේ බව සඳහන් කර ඇත්තේ.

එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ චැනල් 4 නාළිකාව රට තුළ කැලඹීමක් ඇති කිරීමට උත්සාහ දරන්නේ යැයි පෙනී යන බවයි.

එබැවින් පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් මේ රට තුළදීම දේශීය හා විදේශීය විනිසුරු මඩුල්ලක් ඉදිරියේ කාදිනල් හිමිපානන්ගේද අධීක්ෂණය යටතේ විමර්ශනයක් කිරීම සුදුසු බව උන්වහන්සේ නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන්ව තිබෙනවා.

මේ අතර පාස්කු ප්‍රහාරය පිළිබද සෙවීමට තවත් පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් හෝ විශ්‍රාමලත් විනිසුරුවරයෙකුගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත් කිරීම විහිළු සහගත බවයි ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ගරු සිරිල් ගාමිණි ප්‍රනාන්දු පියතුමා සදහන් කළේ.

https://www.vnews.lk/storage/2023/09/SIRIL-GAMINI-EDIT-.mp3?_=1

 

WhatsApp Group

Skip to content