ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නායිකා චමරි අතපත්තු අයි සී සී එක්දින ශ්‍රේණිගත කිරීම් හි ප්‍රථමස්ථානයට පැමිණ තිබෙනවා.

පිතිකාරිණියන්ගේ ලැයිස්තුවේ ස්ථාන 6 කින් ඉදිරියට පැමිණීමට ඇය සමත්ව තිබෙනවා.

නවසීලන්ත කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය අතරතුරදී චමරි අතපත්තු දැක්වූ දක්ෂතා හේතුවෙනුයි ඇයට මෙම ස්ථානය හිමිව ඇත්තේ.

නවසීලන්ත කාන්තා ක්‍රිකට් කණ්ඩායමට එරෙහිව පැවති පළමු එක්දින තරගයේදී ඇය පන්දු 83 කට ලකුණු 108 රැස් කරගනු ලැබුවා.

WhatsApp Group

Skip to content