රජයේ නිල නිවසේ රැඳී සිටි හිටපු සෞඛ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා එම නිල නිවසෙන් නෙරපා හැරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා.

රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම්වරයා, අධිකරණය හමුවේ ගොනු කරන ලද නඩුවක් සලකා බලමිනුයි මහේස්ත්‍රාත්වරයා විසින් මෙම නියෝගය නිකුත් කරනු ලැබුවේ.

විත්තිකරු අමාත්‍යධුරයෙන් ඉවත් වීමෙන් පසුවද නිල නිවසේ රැඳී සිටින බවත් ඔහුට ඉන් ඉවත් වීමේ නිවේදනයක් පනවන ලෙසත් ඉල්ලා රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම්වරයා මහේස්ත්‍රාත් අධිකරණයෙන් ඉල්ලා තිබෙනවා.

ඒ පිළිබදව සලකා බැලීමෙන් අනතුරුවයි කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් මෙම තීරණය ලබා දී ඇත්තේ.

WhatsApp Group

Skip to content