ඉන්දීය විද්‍යාඥයින් විසින් නිර්මාණය කරන ලද චන්ද්‍රයාන් 3 යානය අද දින කක්ෂගත කරනු ලැබුවා.

එම යානය කක්ෂගත කරනු ලැබුවේ ශ්‍රී හරිකොටා අභ්‍යාවකාශ මධ්‍යස්ථානයේදියි.

මෙම චන්ද්‍රයාන් 3 යානය අගෝස්තු මස 23, 24 දිනකදී සද මත ගොඩබසිනු ඇති බවටයි අනුමාන කර ඇත්තේ.

සද මත යානයක් ගෙඩබැස්සවීම සදහා මීට පෙර සමත් වුනේ අමෙරිකාව සහ රුසියාව මෙන්ම චීනය පමණයි.

කෙසේ වෙතත් 2020 වසරේදී ඉන්දියාව විසින් තවත් යානයක් කක්ෂගත කළද එය සාර්ථක ලෙස සද මතට ගමන් කිරීමට හැකි වුණේ නැහැ.

WhatsApp Group

Skip to content