තියුණු ආයුධවලින් පහර දී පුද්ගලයෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් වූ සිද්ධියකට අදාළ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

හංවැල්ල පොලිස් වසමේ තුම්මෝදර ප්‍රදේශයේදී පසුගිය 06 වැනිදා මෙම ඝාතනය සිදුව තිබුනා.

බස්නාහිර පළාත් දකුණ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් විසින් අපරාධය සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනයකින් අනතුරුව ඊට අදාළ සැකකරුවන් දෙදෙනා පාදුක්ක- ගාලබැදිහේන ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරුවන් අවුරුදු 34ක් වන උඩුමුල්ල හා වටරැක ප්‍රදේශවල පදිංචිකරුවන් බව පොලීසිය පැවසුවා
සිද්ධිය සම්බන්ධයෙන් හංවැල්ල පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.

WhatsApp Group

Skip to content