තියුණු සහ මොට ආයුධවලින් පහර දී පුද්ගලයෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබූ විත්තිකරුවන් සිව් දෙනෙකු වරදකරුවන් කරමින් ක`ඵතර මහේස්ත්‍රාත් අධිකරණය විසින් ඔවුන්ට මරණ දඩුවම නියම කර තිබෙනවා.

1996 වසරේ ජනවාරි 02 වන දින ක`ඵතර මදිනකන්ද ප්‍රදේශයේදී තියුණු සහ මොට ආයුධවලින් පහර දී පුද්ගලයෙක් ඝාතනය කිරීම සහ තවත් අයෙකුට තුවාල කිරීම සම්බන්ධයෙන් සැකකරුවන් 07 දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් ක`ඵතර මහාධිකරණය ඉදිරියේ අධිචෝදනා ගොනු කරනු ලැබුවා.

අදාල නඩුවේ 01, 02, 03 සහ 05 යන විත්තිකරුවන්ට මෙලෙස මරණ දඩුවම ලබා දී ඇති අතර 06 සහ 07 විත්තිකරුවන් නිදොස් කොට නිදහස් කරන ලෙසයි මහාධිකරණ විනිසුරුවරයා නියෝග කර ඇත්තේ.

එම නඩුවේ සිව් වන විත්තිකරු මියගොස් ඇති බවටයි මහාධිකරණයේදී කරුණු අනාවරණය වුණේ.

 

WhatsApp Group

Skip to content