හක්මන ප්‍රදේශයේ සිදුවූ ඝාතනයකට සම්බන්ධ සැකකරුවකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ එම ප්‍රදේශයේම පදිංචි 46 හැවිරිදි පුද්ගලයෙක්.

හක්මන කහටගහකොරටුව ප්‍රදේශයේ දී 21 හැවිරිදි තරුණයෙකු ඊයේ තියුණු ආයුධයකින් පහර දී ඝාතනය කර තිබුණා .
ඒ අනුව සිදු කල පරීක්ෂණ වලදී පැරණි අමනාපයක් මත මියගිය පුද්ගලයාගේ බාප්පා විසින් එම ඝාතනය සිදුකර ඇති බවයි අනාවරණ වී ඇත්තේ.
ඒ අනුව සිද්දියට සම්බන්ද සැකකරු ප්‍රදේශයෙන් පළාගොස් සිටියදී ඊයේ රාත්‍රියේ හක්මණ ගල්කන්ද ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

 

WhatsApp Group

Skip to content