වත්මන් ආර්ථික අර්බුදය නිර්මාණයට හිටපු ජනාධිපතිවරුන් වන ගෝඨාභය රාජපක්ෂ, මහින්ද රාජපක්ෂ සහ හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ ඇතු`ඵ පිරිසක් වගකිව යුතු බව ශ්‍රේෂ්ඨාධිකරණය අද තීන්දු කළා.

එමෙන්ම හිටපු මහ බැංකු අධිපතිවරුන් වන අජිත් නිවාඩ් කබ්රාල්, මහාචාර්ය ඩබ්ලිව්.ඩී. ලක්ෂ්මන්, මුදල් අමාත්‍යංශයේ හිටපු ලේකම් එස්.ආර්.ආටිගල, හිටපු ජනාධිපති ලේකම් පී.බී.ජයසුන්දර සහ ශ්‍රී ලංකා මහ බැංකුවේ සාමාජිකයින්ට ද මෙම තීන්දුව අදාළ වනවා.

ඒ අනුව මූලික අයිතිවාසිකම් කඩ වී ඇති බවට පංච පුද්ගල විනිසුරු මඩුල්ල තීරණය කර තිබෙනවා.

එමෙන්ම මෙම නඩුව ගොනු කර ඇති වගඋත්තරකරුවන්ට රුපියල් එක් ලක්ෂ පනස් දහසක නඩු ගාස්තුවක් ගෙවන ලෙසද ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළා.

අගවිනිසුරු ජයන්ත ජයසූරිය ප්‍රමුඛ පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලේ බහුතරය මෙම තීන්දුව ලබා දුන්නා.

WhatsApp Group

Skip to content