මහ කන්නයේ වී ගොවීන් සඳහා රුපියල් 25,000 ක දීමනාවක් සහ ධීවර ප්‍රජාවට ඉන්ධන සහනාධාරයක් ලබාදීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ගත් තීරණය මැතිවරණ කොමිසම විසින් අත්හිටුවා තිබෙනවා.

මහ මැතිවරණයක් ප්‍රකාශයට පත් කර ඇති අවස්ථාවේදී මෙවැනි සහනාධාරයක් ලබාදීමට තීන්දු කිරීමෙන් සෙසු අපේක්ෂකයන් අගතියට පත්වීම සැළකිල්ලට ගෙන මෙම තීන්දුව ගත් බවයි මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල්. රත්නායක මහතා කියා සිටියේ.

ඒ අනුව අදාළ රාජ්‍ය ප්‍රතිපත්තිමය තීන්දුව මහ මැතිවරණයෙන් පසු ක්‍රියාත්මක කරන ලෙසට ජනාධිපතිවරයාට මැතිවරණ කොමිසම දැනුම් දී තිබෙනවා.

WhatsApp Group

Skip to content