2023 – 2024 මහ කන්නයේදී පොහොර මිලදී ගැනීම සදහා ගොවීන්ට වවුචර්පත් නිකුත් නොකරන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා.

රසායනික පොහොර හෝ කාබනික පොහොර මිලදී ගැනීම සදහා රජය විසින් ගොවීන්ට වවුචර්පත් සහනාධාරයක් වශයෙන් පසුගියදා ලබා දුන්නා.

කෙසේ වෙතත් පොහොර මිලදී ගැනීම සදහා ගොවි ගිණුම්වලට සෘජුවම මුදල් බැර කිරීමට තීරණය කළ බවයි අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසුවේ.

වවුචර්පත් බෙදාහැරීමේදී පවතින ප්‍රායෝගික ගැට`ඵ හේතුවෙන් මින් ඉදිරියට වවුචර්පත් ලබා නොදීමට තීරණය කළ බවද ඔහු සදහන් කළා.

මේ අතර වී සඳහා සාධාරණ මිලක් ලබා දෙන ලෙස ඉල්ලමින් දිවයිනේ ප්‍රදේශ රැසක ගොවීන් විරෝධතාවයක නිරත වුණා.

https://www.vnews.lk/storage/2023/07/GOVIN-EDIT.mp3?_=1

එමෙන්ම වී අලෙවි මණ්ඩලයේ සභාපති බුද්ධික ඉද්දමල්ගොඩ මහතා වී මිල සම්බන්ධයෙන් අදහස් පළ කළා.

https://www.vnews.lk/storage/2023/07/BUDDIKA-IDDAMALGODA-EDIT.mp3?_=2

WhatsApp Group

Skip to content