ගොවීන්ට අවශ්‍ය තාක්ෂණය සහ වෙළදපොල ශක්තිමත් කිරීම සදහා නව වැඩපිළිවෙලක් ආරම්භ කිරීමට රජය තීරණය කර තිබෙනවා.

මෙම වැඩපිළිවෙල සඳහා එක්සත් ජාතීන්ගේ කර්මාන්ත සංවර්ධනය සදහා වන සංවිධානය සහය ලබා දෙන බව සඳහන්.

එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම වැඩසටහන සහ ලෝක බැංකුවේ නියෝජිතයින්ගේ සහභාගිත්වයෙන් මේ සම්බන්ධයෙන් විශේෂ වැඩසටහනක් අද පැවැත් වුණා.

මෙහිදි ගොවීන්ට වගාව සදහා අවශ්‍ය නව දැනුම, තාක්ෂණික උපක්‍රම, මූල්‍ය පහසුකම් මෙන්ම තම නිෂ්පාදන භෝග සදහා වෙළදපොල හඳුනාගැනීම පිළිබදව මූලික පුහුණුවක් ලබා දීමට නියමිතයි.

මේ අතර එහිදි වී මිලදී ගැනීම සම්බන්ධයෙන් කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා අදහස් පළ කළා.

 

https://www.vnews.lk/storage/2023/09/MAHINDA-AMARAWEERA-EDIT-1.mp3?_=1

WhatsApp Group

Skip to content