ගොවි ජනතාව වෙනුවෙන් ඉදිරියේදී  QR  කේතයක් හදුන්වාදෙන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා.

ඒ අනුව නව QR කේතය මගින් ගොවීන්ට පොහොර ලබා ගැනීමට අවස්ථාව හිමිවනු ඇති බවයි අමාත්‍යවරයා සදහන් කළේ.

කොළඹ පැවති උත්සවයකට එක්වෙමින් මහින්ද අමරවීර මහතා මේ බව ප්‍රකාශ කළා.

ගොවි ජනතාව වෙනුවෙන් මේ වසර තුළ පොහොරවලට අමතරව සහන ලබා දීමට කටයුතු කරන බවයි අමාත්‍ය මහින්ද අමරවීර මහතා සදහන් කළේ.

 

WhatsApp Group

Skip to content