ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නුවරඑළියට පැමිණි නිල සංචාරයේ පැය භාගයක් හෝ බිම් මට්ටමේ ගොවියන්ට සහ ව්‍යාපාරිකයන්ට මුහුණදීමට සිදුවුන ප්‍රශ්න පිලිබදව සාකච්ඡා කිරිමට කෙටි වේලාවක් ලබා දෙන ලෙස සමස්ත ලංකා ඒකාබද්ධ ආර්ථික මධ්‍යස්ථානය එකමුතුවේ සභාපති අරුණ ශාන්ත මහතා ඉල්ලා සිටියා.

අරුණ ශාන්ත මේ බව කියා සිටියේ ඊයේ (02) මාධ්‍යට විශේෂ ප්‍රකාශයක් සිදු කරමිණි

වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා කියා සිටියේ බිම් මට්ටමේ ගොවියන් සහ සියලු වෙළඳාමේ නියැලී සිටින පුද්ගලයන් වර්තමානය වන විට බොහෝ දුෂ්කරතාවයන් මැද තමන්ගේ ගොවිතැන් කටයුතු හා ව්‍යාපාරික කටයුතු සිදුකරගෙන යෑමට සිදු වි ඇති බවත් පොහොර මිල , බීජ මිල , සහ සේවක පඩි යනාදිය අහස උසට මිල අධික වී තිබෙන කාලයක ගොවි නිෂ්පාදනයන්ට ස්ථාවර මිලක් නොමැති වීමෙන් ගොවියන් හා ව්‍යාපාරිකයන් පීඩාවට පත්වි සිටින බවයි.

නිසි ක්‍රමවේදයක් ඔස්සේ එළවළු වගා කිරීමට කටයුතු කිරීම  ඇතුළු ගොවි ගැටලු විශාල ප්‍රමාණයක් ජනාධිපතිවරයා සමග සාකච්ඡා කිරිමට ඇති බවත් ඔහු සඳහන් කළා.

තවද වත්මන් ජනපති ඕනෑම කෙනෙකුගේ ප්‍රශ්න වලට ඇහුම් කන් දෙන කෙනෙකු නිසා කතා තිරීමට කාලයක් ඉල්ලන බවත්, ජනපති ඔවුන්‌‌ගේ ගැටලු වලට විසඳුම් ලබාදීම පිලිබඳව ලොකු විශ්වාසයක් ති‌බෙන බවත් ඔහු පවසා සිටියා.

https://www.vnews.lk/storage/2023/06/VOICE-CUT.mp3?_=1

WhatsApp Group

Skip to content