ගොඩකවෙල, ගලහිටිය ප්‍රදේශයේදී බස් රථයක් පෙරළි තිබෙනවා.

කොළඹ සිට මොණරාගල දක්වා ධාවනය වෙමින් තිබු බස් රථයක් මෙලෙස අද උදෑසන අනතුරට ලක්ව තිබුණා.

අනතුරෙන් බස් රථයේ ගමන් ගත් මගීන් 14 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.

ඔවුන් ප්‍රතිකාර සදහා කහවත්ත මුලික රෝහලට ඇතුළත් කළ බවයි පොලිසිය සදහන් කළේ.

බස් රථයේ රියදුරුට නින්ද යාම හේතුවෙනුයි මෙම අනතුර සිදුව ඇත්තේ.

 

 

WhatsApp Group

Skip to content