පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආරක්ෂක අංශයට අනුයුක්තව රාජකාරි කරන පුද්ගලයෙකුට අයත් දවුලගල පොල්ගහඅංග ප්‍රදේශයේ පිහිටි ගෙවත්තේ ගංජා පැලයක් රෝපණය කර තිබීම හේතුවෙන් දවුලගල පොලීසිය විසින් එම නිලධාරියා සැකපිට අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අදාළ නිවසේ ගංජා පැල වගාකර තිබෙන බවට ලද තොරතුරක් මත දූෂණ මර්දන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක මෙන්ඩිස් මහතා සමඟ පොලිස් සැරයන්වරුන් වන 46590 බඹරදෙණිය හා 49443 සිසිර යන නිලධාරීන් ගෙවත්ත පරීක්ෂා කිරීමේ දී නිවස පිටුපස තිබී අඩි 2 1/2 ක් උසට වැඩුණු ගංජා පැලයක් සොයා ගෙන තිබුණා.

තම පුතා පරීක්ෂණ කටයුක්තක් සඳහා මෙම ගංජා පැලය රෝපණය කළ බව නිවසේ හිමිකරු පොලීසියට පවසා තිබෙන නමුත් ඒ බව තහවුරු කිරීමට තරම් සාක්කියක් ඔහු ඉදිරිපත් කර තිබු‍ණේ නැහැ.

දවුලගල පොලීසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක දිසානායක මහතා ගේ මෙහෙයවීමෙන් පරීක්ෂණ සිදු කෙරෙනවා.

 

WhatsApp Group

Skip to content